ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන සම්බුදු තෙමගුල සිහි කරමින් පැවැත්වෙන රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව 2026.05.27 සිට 2026.06.02 දක්වා පැවැත්වෙන "වෙසක් සතිය" නිමිත්තෙන් බුලත්කොහුපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ අනුශාසකත්වය පෙරදැරිව බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වල සහයෝගයෙන් බුලත්කොහුපිටිය ප්‍රාදේශීය වෙසක් සතිය 2026.05.27 වන දින ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පුජ්‍ය කිරිවත්තුඩුවේ වනරතන ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් මධූෂී පී.අබේරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය වෙසක් දින සැමරුම් සජීව විකාශය සිදු කෙරෙන බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය මෙහෙයුම් මැදිරි පරිශ්‍රයේ සිට මෙසේ ආරම්භ කෙරිණි.

 

ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ බහුමාන දරිද්‍රතාවය පිටු දැකීම සඳහා මහජන බදු මුදල් රුපියල් මිලියන 25,000 ක් වැය කර ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය ව්‍යාපෘතීන් හි සමාරම්භය බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ ගරු සභාපති, කෑගල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නන්දන මිල්ලගල මැතිතුමා සහ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් මධූෂී පී.අබේරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2026.06.02 වන උඩපොත, බුලත්කොහුපිටිය සහ තෙල්කුමුදුවල වසම්හි දී සිදු කෙරිණ.

මෙම අවස්ථාව සඳහා ග්‍රාම නිලධාරී කොට්ඨාස නියෝජනය කරන බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්, බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක (ක්‍රම සම්පාදන) තේජා කේ.ජයසූරීය මහත්මිය ඇතුළු කාර්යාල නිලධාරීන්, වසම්භාර ග්‍රාම නිලධාරීවරුන්, ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් සහ සමුර්ධි සංවර්ධන නිලධාරිවරුන්, කෘෂි උපදේශකතුමන් සමගින් ප්‍රජා ශක්ති සංවර්ධන සභාවේ නිලධාරී මණ්ඩලය සහ සාමාජික සාමාජිකාවන් ද එක්ව සිටියහ.

150ක දෙමළ භාෂා පාඨමාලාව
 
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව  මගින් 1/2018 චක්‍රලේනයට අනුව රාජ්‍ය නිලධාරීන් සදහා පැය 150ක දෙමළ භාෂා පාඨමාලාවේ පවත්වා එම පාඨමාලාවට සහභාගි වු නිධාරින්ගේ  භාෂා හැකියාව හා දෙමළ සංස්කෘතිකට අදාල නර්තන ඇතුලත් කලාත්ම වැඩ සටහන 2023.08.13 වන දින බුලත්කොහුපිටිය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන්  බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ සිදු කරන ලදි..මෙම අවස්ථාව සදහා රාජ්‍ය නිධාරින් හා පාඨමාලාභින් හා ඔවුන්ගේ පවුල් වල හිතවතුන් සහභාගි විය.මෙම වැඩ සටහන සම්බන්ධිකරණ ජාතික ඒකාබද්ධතා සම්බන්ධිකරන නිළධාරි ජනක ඉහලගොඩ මහතා විසින් මෙහෙයවු අතර පාඨමාලාවේ උපදේශක වරයා ලෙස රාජ් මොහාන්  මහතා සිදුකරන ලදි..මුළු පාඨමාලා උදවු කල සැම දෙනාටම ජනක මහතා ස්තුතියි පුදකරන ලදි...
 
 


මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන 💰💵

 

 ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ක්‍රියාත්මක වන මේ වැඩසටහන ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සහයෝගයෙන්  2023/08/16 දින බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිශ්‍රයේදී පැවැත්වුණි.

 
බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් තුමියගේ  පූර්ණ අධීක්ෂණය යටතේ,  සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය, සහකාර අධ්‍යක්ෂක තුමා හා  පරිපාලන ග්‍රාම නිලධාරී සහභාගිත්වයෙන්, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කෑගල්ල  දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාණ ඒකකයේ කළමනාකාර සමන්ත බණ්ඩාර මහතා, බුලත්කොහුපිටිය ශාඛාවේ කළමනාකාරතුමා සහ නිලධාරීන්ගේ  සහභාගිත්වයෙන්, 
බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සියලුම ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු කාර්යාල  නිලධාරීන් සඳහා මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්විණි.
 
මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශීය කාර්යාල කළමනාකාර තුමිය වන තිළිණි සමරදිවාකර මහත්මිය විසින් සම්පත්  දායකත්වය ලබාදුනි

News & Events

08
ஜூன்2026
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන සම්බුදු තෙමගුල

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන සම්බුදු තෙමගුල

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන සම්බුදු තෙමගුල...

08
ஜூன்2026
ගම් දහසක්  වැඩ දහසක් ප්‍රජා ශක්ති 2026

ගම් දහසක් වැඩ දහසක් ප්‍රජා ශක්ති 2026

  ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන යටතේ ශ්‍රී...

குடியுரிமை சாசனம்

Scroll To Top