අපගේ දැක්ම
2020 " දී බුලත්කොහුපිටිය කෑගලු දිසාවේ සොදුරුතම නිවහනයි."අපගේ මෙහෙවර
පවත්නා සියලු සම්පත් රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව නිසි ලෙස කළමනාකරණය කර ලබාගන්නා අඛණ්ඩ සංවර්ධනය වඩාත් කාර්යක්ෂමව ප්‍රදේශයේ ජනතාව වෙත ප්‍රවිෂ්ට කරලීම.බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිළිබඳ බිඳක්...
බුලත්කොහුපිටිය ප්‍රා.ලේ. කාර්යාලය සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ උතුරින් ගලිගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයද, නැගෙනහිරින් මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහල කෝරලය ප්‍රා.ලේ. කොට්ඨාශයද, දකුණින් යටියන්තොට ප්‍රා.ලේ. කොට්ඨාශයද, බටහිරින් රුවන්වැල්ල ප්‍රා.ලේ. කොට්ඨාශයද, යාබදව පිහිටි මනරම් භූම් භාගයක පිහිටා ඇත.
මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය 1998-12-18 දින සිට වෙනම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් ලෙස නම් කර පරිපාලන කටයුතු සඳහා ස්ථාපිත කර ඇත. මෙම කොට්ඨාශය ගලිගමුව හා යටියන්තොට මැතිවරණ කොට්ඨාශ වලද බුලත්කොහුපිටිය , පිංදෙනිය , රුවන්වැල්ල යන පොලිස් බල ප්‍රදේශයන්ටද රුවන්වැල්ල , කෑගල්ල යන අධිකරණ බල ප්‍රදේශයන්ටද අයත් වේ. ග්‍රාම නිළධාරී වසම් 27කින් සමන්විත මෙම කොට්ඨාශයේ මුළු ජනගහණය 46192 ක් පමණ වේ.
පාරිසරික හා ස්වභාව සෞන්දර්යාත්මක අතින් ඉතා ඉහළ අගයක් උසුලන මෙම කොට්ඨාශය රිකිලි ඇල්ල, නලඟන ඇල්ල, රුක්මල් ඇල්ල ආදී දියඇලි සමූහයකින්ද පැලැම්පිටිය, දේදුගල වැනි තෙත් සදාහරිත පාරිසරික කලාප වලින් ද , ගනේගොඩ පුරාණ රජමහා විහාරය, කටාරංගල රජමහා විහාරය වැනි ඓතිහාසික ස්ථාන් වලින් ද පොහොසත් කලාපයක් වේ.
තේමා පාඨය
ප්‍රදේශයේ උන්නතිය සඳහා වන විශිෂ්ඨ රාජ්‍ය සේවාවක්
අගයන්
- කණ්ඩායම් හැඟීම් හා එකමුතු බව,
- නළධාරීන් අවංක හා අන්‍යෝනය විශ්වාසවන්ත බව,
- අ්ත්ම විශ්වාසයෙන් හා පෞරුෂත්වයෙන් යුතු බව,
- නිර්මාණශීලී දායකත්වය,
- සමානාත්මතාවය,
- අචාරධර්ම පිළිපැදීම ,
- වගවීම,
- විනිවිදභාවය,
- නීතියේ ආධිපත්‍ය,
- පුරෝකථනය.
1998 සිට සේවය කල ප්ර්රාදේශීය ලේකම් වරු
| නම | සිට | දක්වා |
| ඩි.ආර්.ගුණවර්ධන මයා | 1998.12.21 | 2006.12.25 |
| කේ.පී.පෙරේරා මයා | 2006.12.26 | 2010.02.25 |
| ආර්.කේ.සමන් අනුර මයා | 2010.02.26 | 2013.01.26 |
| ජේ.එම්.ආර්.ජයසුන්දර මිය | 2013.02.01 |















