මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන 💰💵

 

 ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ක්‍රියාත්මක වන මේ වැඩසටහන ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සහයෝගයෙන්  2023/08/16 දින බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිශ්‍රයේදී පැවැත්වුණි.

 
බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් තුමියගේ  පූර්ණ අධීක්ෂණය යටතේ,  සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය, සහකාර අධ්‍යක්ෂක තුමා හා  පරිපාලන ග්‍රාම නිලධාරී සහභාගිත්වයෙන්, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කෑගල්ල  දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාණ ඒකකයේ කළමනාකාර සමන්ත බණ්ඩාර මහතා, බුලත්කොහුපිටිය ශාඛාවේ කළමනාකාරතුමා සහ නිලධාරීන්ගේ  සහභාගිත්වයෙන්, 
බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සියලුම ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු කාර්යාල  නිලධාරීන් සඳහා මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්විණි.
 
මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශීය කාර්යාල කළමනාකාර තුමිය වන තිළිණි සමරදිවාකර මහත්මිය විසින් සම්පත්  දායකත්වය ලබාදුනි

News & Events

08
ජූනි2026
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන සම්බුදු තෙමගුල

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන සම්බුදු තෙමගුල

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන සම්බුදු තෙමගුල...

08
ජූනි2026
ගම් දහසක්  වැඩ දහසක් ප්‍රජා ශක්ති 2026

ගම් දහසක් වැඩ දහසක් ප්‍රජා ශක්ති 2026

  ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන යටතේ ශ්‍රී...

Scroll To Top